වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – සමුද්‍රීය නාවික වෙළෙඳ ක්ෂේත්‍ර යේ වෘත්තීයවේදියෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගිය දා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

අදාළ පත්වීම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් සිදු කරන ලදී.

දිසානායක මහතා 2001 – 2004 කාලය තුළ ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස හා ජයබහලු පර්යන්ත සමාගමේ ද සභාපතිවරයා ලෙස කටයුතු කොට ඇත. එසේ ම වරාය කළමනාකරණ සේවා සමාගමේ ද සභාපතිවරයා ලෙස ද කටයුතු කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *