කෝටියක මැණිකක් විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ සිසුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දුර්ලභ ගනයේ රතු මැණික් වර්ගයට අයත් මෙය අබුඩාබි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගුව සදහන් කළේය.

සැකකරු වයස අවුරුදු 23ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *