නුවර හා තිසා වැවෙන් දිය නෑමෙන් වළකින්න – පොසොන් කමිටුවෙන් ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් උත්සවයට සියල්ල සූදානම් බව, පොසොන් උත්සව කමිටුව සදහන් කරනු ලැබේ. ලබන 12 වනදා දක්වා ක්‍රියාත්මක පොසොන් සතිය උත්කර්ෂවත් අන්දමින් පවත්වන බව එම කමිටුව කියා සිටියි.

අනුරාධපුර පූජා නගරය මෙන්ම අවට ප්‍රදේශය ද ඒ සඳහා සූදානම් කර අවසන් ය. පිංකම් රැසක් පොසොන් සතියට ඇතුළත්වේ.

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සියලු පහසුකම් ද සලසා ඇති බව කමිටුව පැවසීය.

එසේම නුවර වැවෙන් හා තිසා වැවෙන් දිය නෑමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
අනුරාධපුර නගරය මෙන්ම පූජා නගරයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන්නේ එම වැව් බැවින්, ජලය ආරක්ෂා කිරීමේ අරමුණින් මේ පියවර ගෙන තිබේ.

දිය නෑම සඳහා අභය වැව, මහා කනදරා වැව ඇතුළු වැව් කිහිපයක් භාවිත කළ හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.

මහමෙව්නා උයනේ ගිනිමෙලවීම සිදු නොකරන ලෙසත්, කසළ නිසි පරිදි බැහැර කරන ලෙසත්, පොසොන් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *