ආනයනික සීනි සඳහා රු.10කින් බද්ද ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ආනයනික සීනි සඳහා විශේෂ රේගු බද්ද ඊයේ(06) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි කිලෝවකට රු.10ක් වැඩි කළ බව මුදල් අමාත්‍යංශය සදහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණු ජීවන වියදම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

ජාත්‍යන්තර මිල දර්ශකය අනුව ජාත්‍යන්තර වෙළෙඳපළ තුළ සීනි මිල පහත බැසීම නිසා දේශීය සීනි නිෂ්පාදනයට එමගින් එල්ලවිය හැකි බලපෑම වැළැක්වීමටත්, දේශීය සුළු ව්‍යාපාරිකයින් ආරක්ෂා කරලීමත් අරමුණු කරගෙන මෙම තීරණයට එළඹි බව ද සදහන් වේ.

කෙසේ නමුත් මෙසේ රේගු බද්ද වැඩි කිරීම තුළින් වෙළෙඳ පොළෙහි සීනි මිල ඉහළ යාමක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *