රුධිර බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතික රුධිර බැංකුවේ හිටපු අධ්‍යක්‍ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මිය අත්අඩංගුවට ගන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ අද (07) වරෙන්තු නිකුත් කර ඇත.

ඒ, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට 2008 වසරේ දී බාල සැපයුම් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

අල්ලස් කොමිසම මගින් පවරා ඇති මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරිය හෝ ඇයගේ ඇපකරුවන් අධිකරණයේ පෙනී නොසිට ඇත.

විත්තිකාරිය දැනට විදේශගත වී ඇති බව නීතිපතිවරයා එහිදී අධිකරණයට දන්වා තිබේ.

මෙම නඩුව අගෝස්තු මස 09 වනදා යළි කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *