හිටපු හමුදාපති දායා රත්නායක බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් දායා රත්නායක මහතාව අද(07) බරපතල වංචා හා විමර්ශන විශේෂ ජනාධිපති කොමිසමට කැඳවා තිබේ.

2011 වසරේදි කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යකඩ කපා ඉවත්කිරිමේදි සිදුවුයේ යැයි කියන වංචාවක් සම්බන්ධව ලැබි ඇති පැමිණල්ලකට අනුව ප්‍රකාශය ලබා ගැනිම සදහා ඔහුව එලෙස කැදවා ඇත.

මෙම කාල සිමාවේදි යුදහමුදාපති ලෙස කටයුතු කර ඇත්තේ දායා රත්නායක මහතාය.

දායා රත්නායක මහතා අද පෙරවරු 9.30 කොමිසමට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *