අහස වළාකුළින් බර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථානකිහිපයක වැසි ඇතිවේ. දිවයින හරහා(උතුරුපළාතහැර) විටින්විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති වියහැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *