වකුගඩු රෝගීන්ට ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වකුගඩු රෝගීන් සදහා ලබා දෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත වකුගඩු රෝගීන් සදහා රජයෙන් මෙතෙක් ලබාදුන් රුපියල් තුන්දහසක මාසික දීමනාව රුපියල් පන්දහස දක්වා ඉහළ නැංවීමට නියමිතය.

වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම්ලාභී පවුල්වල පුද්ගලයින් විසි දහසකට පමණ රජය මගින් මේ වන විට අදාල දීමනාව ලබා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *