නඩාල් 10වන වරටත් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රංශ විවෘත ටෙනිස් තරග මාලාවේ අවසන් තරගයේදී ස්පාඤ්ඤ ජාතික සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායල් නඩාල් 10වන වරටත් ශූරතාව දිනාගැනීමට සමත්විය.

ප්‍රංශයේ පැරිස් නුවරදී තරග මාලාව පැවැත්වුණි.

ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ස්වීට්සර්ලන්ත ජාතික ස්ටැනිස් ලාස් බවුරින්කාය. ඔහු පිරිමි කේවල අංශයෙන් ලෝකයෙන්ම තුන්වන ස්ථානයේ සිටින ක්‍රීඩකයා වේ.

4වන ස්ථානයේ පසුවූ රෆායල් නඩාල් අවසන් තරගය ජයග්‍රහණය කළේය. පළමු වටයේදී හයට දෙකක් හයට තුනක් සහ හයට එකක් ලෙස ලකුණු ලබා ගනිමින් ඔහු ශුරතාව හිමිකර ගනු ලැබීය.

රෆායා නඩාල් ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව පළමු වරට දිනා ගන්නේ 2005 වසරේදීය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 19කි.

මේ වනවිට 31 වැනි වියේ පසුවන නඩාල් දිනා ගෙන ඇති ප‍්‍රධාන ටෙනිස් ශූරතා සංඛ්‍යාව 15කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *