කාන්තාවකගේ කිලෝ 18 ගෙඩියක් දකුණු පාදයෙන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – කුවෙට් ජාතික කාන්තාවකගේ කලව ප්‍රදේශයේ තිබි කිලෝ 18 පමණ බරකින් යුත් ගෙඩියක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සමත් වීමේ පුවතක් ගල්ෆ් ඩිජිටල් නිවුස් (Gulf Digital News) වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මෙම ශල්‍යකර්මය සඳහා ගතවි ඇති කාලයක් පැය දෙකකට ආසන්න වේ.

ඇයගේ දකුණු පාදයේ කිසිදු ධමනියකට හෝ ශිරාවකට හානි නොවන අන්දමින් කිරිමට හැකිවු සාර්ථකම ශල්‍යකර්මයක් බව වෛද්‍යවරුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබේ.

කුවේට් පිළිකා රෝග මධ්‍යස්ථානයේ දී එහි ප්‍රධානී ශල්‍ය වෛද්‍ය මේදහත් අටීෆා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ශල්‍ය කර්මය සිදු කර ඇත.

මෙම කාන්තාවගේ වයස අවුරුදු 65 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *