ඔසඳ යාපා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන රථවාහන නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අද (13) වරෙන්තු නිකුත් කළේය.

ඒ, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීමෙන් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ කුරුඳුවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබුණි.

අද දිනයේ ඔසඳ යාපා අබේවර්ධන අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *