රත්‍රං තොගයක් රටින් පිට කිරීමට තැත් කළ ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නීති විරෝධී ලෙස ගුවන් මගින් සතු රත්රන් තොගයක් රැගෙන යාමට උත්සාහ කළ කටුනායක ගුවන් තොටුපළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි අයෙකි.

අදාළ නිලධාරියා සූක්ෂම ලෙස සිය පාදයේ සඟවා ගෙන එම රත්රන් තොගය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
රත්රන් කිලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 64ක් අදාළ පුද්ගලයා විසින් රැගෙන යාමට උත්සාහ කර තිබේ.

සැකකරු බෙලිඅත්ත හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපළ රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *