ලන්ඩනයේ ගිනිගන්නා මහල් නිවාසවල ලාංකිකයින් සිටි බවට මෙතෙක් වාර්තාවී නැහැ

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතානයේ ලන්ඩන් නුවර, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

කෙසේ නමුත් අදාළ එම ගොඩනැඟිල්ලේ ශ්‍රී ලාංකිකයන් සිටි බවට මෙතෙක් වාර්තා වී නොමැති බව අමාත්‍යරවයා කියා සිටියේය.

අද(14) අළුයම මහල් 24කින් සමන්විත ගොඩනැඟිල්ලක දැවැන්ත ගින්නක් හටගත් අතර ගින්න නිවා දැමීම සඳහා මේ වන විටත් ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *