බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාර ආශ්‍රිතව ආරක්ෂිත කැමරා සවි කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රැඳවියන් පළා යාම ඇතුළු අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් පී. ජී. වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව, රැඳවියන් ඉහළ සංඛ්‍යාවක් සිටින සහ වැඩි අවධානයක් යොමු කළ යුතු රැඳවියන් සිටින බන්ධනාගාර සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපිත කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේ ඉදිරියේදී කොළඹ, මීගමුව ඇතුළු දිවයිනේ සියලු බන්ධනාගාර සඳහා මෙම වැඩ පිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *