ලන්ඩන් ගින්නෙන් මිය ගණන 12 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නෙන් මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

බටහිර ලන්ඩන් නගරයේ උතුරු කෙංසින්ටන් ප්‍රදේශයේ ග්‍රෙන්ෆෙල් තට්ටු නිවාස සංකීර්ණයේ ඊයේ(14) අලුයම හටගත් ගින්නෙන් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලැබීය.

මහල් 24කින් යුත් ගොඩනැගිල්ලේ ගින්න හටගත් අවස්ථාවේ බොහෝ පිරිසක් නින්දේ පසුවී සිට බව වාර්තා වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

තුවාල ලැබූවන්ගෙන් 18 දෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් වාර්තා ප්‍රකාශ කර තිබේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය තෙරේසා මේ සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *