සෞදි පොදු සමා කාලය 25වනදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – වලංගු වීසා රහිතව සෞදි අරාබියාවේ සේවය කරන විදෙස් ශ්‍රමිකයින්ට ලබා දී ඇති පොදු සමාකාලය ලබන 25 වනදායින් අවසන් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

පොදු සමාකාලය ඉක්මවූ පසුත් එරටින් පිට නොවී රැඳී සිටින්නේ නම්, එම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දඩ මුදලකට ද යටත් කර නැවත එරටට පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කරන බවත් දන්වා ඇත.

සෞදි අරාබිය විසින් නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා මාස 03ක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කරන ලදී. 2017 මාර්තු මස 21 වැනි දින සිට 2017 ජුනි ස 25 වන දින දක්වා එම කාල සීමාව හඳුන්වා දී තිබේ.

මේ අතර අදාළ පොදු සමාකාලය තුළ ශ්‍රී ලාංකිකයින් 3500 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

කෙසේ වෙතත් පොදු සමාකාලය යළි කිසිඳු හේතුවක් මත දීර්ඝ නොකෙරෙන බව එම කාර්යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *