මත්ස්‍ය මෙට්‍රික් ටොන් 20,000 ශ්‍රී ලංකාව අපනයනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙතෙක් වසරකට විදේශ වෙළෙඳ පොළට අලෙවි කරනු ලැබුවේ මත්ස්‍ය මෙට්‍රික්ටොන් 18,000 ක ප්‍රමාණයක් බවත්, එහෙත් මේ වසරේ ගෙවීගිය කාලසීමාව තුළදී පමණක් මත්ස්‍ය මෙට්‍රික්ටොන් 20,000 ක් විදේශ වෙළෙඳ පොළට අලෙවි කර තිබෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ජී.එස්.පී.ප්ලස් සහනය රටට ලැබී තිබෙන නිසා ඒ හරහා විශාල විදේශ ආදායමක්ද උපයා ගැනීමට හැකිවී තිබෙන බවද ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *