මේ වසර අවසානයට පෙර 9610කට ද්විත්ව පුරවැසිකම

(කොළඹ, ලංකාපුවත්) – ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීමට සිටින 9610ක් පමණ පිරිසට මෙම වසර අවසන් වීමට පෙර එම අවස්ථාව ලබා දෙන බව ආගමන, විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවසීය.

ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ නව ක්‍රමවේදය යටතේ 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් 36,235ක් පමණ ද්විත්ව පුරවැසිභාවය ඉල්ලා අයදුම්පත් යොමුකර ඇති බවත් ඔවුන්ගෙන් මේවන විට 26,625කට අදාළ සහතික පත්‍රය ලබා දී ඇති බවත් ආගමන, විගමන පාලක ජනරාල්වරයා කීය.

ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ කටයුත්ත පිළිබඳව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී නාවින්න මහතා නිරන්තරව උපදෙස් දෙමින් කටයුතු කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *