ජයවර්ධනපුර රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කර තාවකාලිකව නවතියි

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහල තීරණය කර ඇතැයි එම රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසීය.

ඊයේ (18) රාත්‍රීයේ සිට මෙම පියවර ගෙන ඇත.

දැනට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ අතර අයි ඩී එච් රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී පැවතීම හේතුවෙන් තලංගම, වෑතර හා පිළියන්දල යන රෝහල්වලට එම රෝගීන් ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මීට අමතරව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය.

එමෙන්ම කොළඹ උතුර සහ දකුණ යන ශික්ෂණ රෝහල්වල ඩෙංගු අධි සත්කාර ඒකක වැඩි දියුණු කිරීමටයි පියවර ගෙන ඇත.

මෙම වර්ෂයේ ගත වූ මාස 06 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 63987 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ. ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 42.62%ක් පමණ වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *