ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ල අදාළ පෙත්නම විභාග කරනු ඇත.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට අගවිනිසුරුවරයා පියවර ගෙන ඇත්තේ අදාළ අභියාචනා පෙත්සම වගඋත්තරකරුවන් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ අභියාචනා පෙත්සම සැප්තැම්බර් 25වනදා විභාගයට ගැනීමට දින නියම කෙරුණි.

ද්විත්ව පුරවැසිභාවය හොබවන බැවින් කුමාරසිංහ මහත්මිය මන්ත්‍රීධූරයේ කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට ලබා දුන් අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් මෙම අභියාචනා පෙත්සම ගොනුකර තිබුණි. ඇය මන්ත්‍රීවරියක ලෙස අසුන් ගැනීමේ පිරිවැය නැවත අය කර ගැනීමේ ක්‍රමවේදයක් සකසන ලෙසට නීතිපති වරයාට නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *