කීත් නොයාර් සිද්ධියේ සැකකරුවන්ට ඇප

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාම හා වධහිංසා සිදුකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා බුද්ධි අංශයේ හමුදා සාමාජිකයින් හයදෙනා කොළඹ මහාධිකරණය මඟින් අද(20) ඇප මත නිදහස් කර තිබේ.

2008 වසරේ මැයි මස 22 වන දින පැහැර ගැනීමට ලක් වු කීත් නොයාර් මහතා ඒ වන විට සතිපතා ඉංග්‍රීසි පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් වශයෙන් සේවයේ නියැලී සිටියේය.

මීට පෙර ද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ විසින් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින්වන ශරීර ඇප මත මුදාහැරීමට තීරණය කෙරිණි.

සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරිදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද එහිදී නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *