(කොළඹ, ලංකාපුවත්) – පැරිස් නගර මධ්‍යයේ පිහිටි අතිශයින් ජනාකීර්ණ ‘එලිසි'(Champs-Elysées) මාවතේ දී සිතාමතාම පොලිස් වෑන් රියක ගැටීමට සැලැස්වූ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වූ බව ප්‍රංශයෙන් වාර්තා වේ.
සිය මෝටර් රථය පොලිස් වෑන් රථයේ ගැටීමට කටයුතු කළ රියැදුරා එම ස්ථානයේදීම මරණයට පත්වූ අතර ඔහුගේ රිය තුළ තිබී ‘කලස්නිකොෆ්’ වර්ගයේ රයිෆලයක්,අත්බෝම්බ සහ ගෑස් පිරවූ බෝතල් හමු වූ බව ප්‍රංශ පොලිසිය පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
නීතිය සහ සාමය රකින නිලධාරීන්ට හෝ මහජනයාට අනතුරක් සිදු නොවූ අතර මේවනවිට තත්වය සාමාන්‍ය අතට හැරී ඇති බවත් පොලිසිය පවසයි.
ප්‍රහාරක රියැදුරා එලියට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට මෝටර් රථයේ කවුළු වීදුරු කඩා දැමීමට සිදුවිය.
ප්‍රංශයේ ජනාධිපති මන්දිරය සහ අමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ ප්‍රහාරය එල්ල කෙරුණ ස්ථානය ආසන්නයේය.
එසේම ඒ අසල ප්‍රදේශයේ පොලිස් මධ්‍යස්ථානයත් පිහිටා ඇත.
මෑත අවුරුදු කීපය තුළ එල්ල කෙරුණ මාරක ප්‍රහාර රැල්ලකින් පසුව ප්‍රංශයේ හදිසි නීතිය බල පැවැත්වේ.