(කොළඹ, ලංකාපුවත්) – ලන්ඩන් නුවර ෆින්ස්බරි පාර්ක් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් අසල මෝටර් රථයකින් පදිකයින් යට කළ සැකකරුවාගේ නම බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අනාවරණය කර ඇත.
ප්‍රහාරකයා 47 හැවිරිදි ඩැරන් ඔස්බර්න් නම් පුද්ගලයෙකු බව වාර්තා වේ.
ඔහු පැදවූ වෑන් රථය දේවස්ථානය අසල පදිකයින් පිරිසක් වෙත කඩාවැදීම හේතුවෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලැබීය.
මෙය මුස්ලිම් ජනයා ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ලන්ඩන් නාගරික පොලිස්පතිනි ක්‍රෙසිඩා ඩික් පවසා තිබුණි.
උද්ගත වී ඇති තත්වය හමුවේ මුස්ලිම් දේවස්ථාන අවට ආරක්ෂාව තර කිරිමට පියවර ගන්නා බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කළේය.