සෞදියෙන් ඊජිප්තු ස්ට්‍රෝබෙරි ආනයනයට තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – සෞදි අරාබිය විසින් ඊජිප්තු ස්ට්රෝබෙරි ආනයනය තහනම් කර තිබේ. ඒ ඊජිප්තුවේ ස්ට්‍රෝබෙරි වගාවන් සඳහා අධික වශයෙන් පලිබෝධනාශක යොදා ගැනීම හේතුවෙනි.

පසුගිය මාසයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍යය විසින් ඊජිප්තුවෙන් කෘෂිකාර්මික හා සත්ව නිෂ්පාදන ආනයනය තහනම් කළේය. එමෙන්ම මසකට පෙර දී ඊජිප්තුවෙන් ගම්මිරිස් ආනයනය තහනම් කිරීමට පියවර ගැණුනි.

පසුගිය වසර අවසානයේ දී ඊජිප්තු පලතුරු හා එළවළු ආනයනය ද රුසියාව විසින් තාවකාලිකව තහනම් කර තිබේ. එයට හේතු වූයේ උතුරු ඇමෙරිකාවේ හිපැටයිසිස් ඒ රෝග කාරකය සම්බන්ධයෙන් ඇති වූ බියයි.

ඊජිප්තු එළවළු, පළතුරු සහ රනිල වර්ග ආනයනය පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 ක් විය. ඒ අතුරින් ප්‍රධාන අපනයනික පලතුරු වූයේ දොඩම් සහ ස්ට්‍රෝබෙරිය.

ඊජිප්තු ස්ට්රෝබෙරි පිළිබඳ තහනම ජූලි 11 වනදා සිට බලපැවැත්වෙන බව ඊජිප්තුවේ කෘෂි අපනයන කවුන්සිලයේ ප්‍රධානී අබ්දෙල් හමාඩ් අල්-ඩිමර්ඩාෂ් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *