නාය අවදානම් හදුනාගත් තැන්වල නිවාස සෑදීමට තාක්ෂණ වාර්තා අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – නාය අවදානම් ලෙස හදුනාගෙන ඇති ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ වාර්තා ලබා ගැනීම අනිවාර්ය බව එම අධිකාරියේ සභාපති සාගර පලංසූරිය මහතා පවසයි.

වව්නියාවේ ඊයේ(19) පැවැති වැඩමුළුවකට එක්වෙමින් පලංසූරිය මහතා මේ බව කියා සිටියේය.

උතුරු පළාතේ රුපියල් කෝටි 300ක වියදමින් ඉදිකෙරෙන නිවාස පන්දහසේ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසීමේ වැඩමුළුවක් වව්නියාවේ දී පැවැත්වුණි.

යාපයන , මුලතිව් , මන්නාරම , කිලිනොච්චිය හා වව්නියාව යන දිස්ත්‍රික්ක වල එම නිවාස ඉදිකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *