නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිකමින් තොන්ඩමන් ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිම සම්බන්ධව මතුවි ඇති අර්බුදය හේතුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු සම සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතා ඉල්ලා අස්වි තිබේ.

තොන්ඩමන් මහතාගේ ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත යොමු කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති හා මධ්‍ය සභා මන්ති‍්‍ර කනපති කනගරාජ් මහතා පැවසීය.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට රජයේ නිළධාරින් ක්‍රියා නොකිරිම හා එකතුවි ඇති කසල බැහැර කිරිමට පියවරක් නොගෙනිම ඊට හේතුවු බව ඔහු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *