අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) (සංශෝධන ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය( පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම ) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.

“අදාළ සහතිකය ඉදිරිපත් කිරීම පමණයි සිදු කරන්නේ. වෙන බලයක් නෑ. සහතිකයක් ලබාදීමට බලය පමණයි මේ කාර්යාලයට තිබෙන්නේ.අතුරුදහන් වූවන්ට වෙන නීතියකට නිකුත් කරන්නේ නෑ.අපරාධ සොයන්න, නඩු දමන්න බලය නෑ. සිමා කර තිබෙන්නේ තැනැත්තෙක් අතුරුදහන් වුවකු සොයන්න පමණයි.විශාල යුද්ධයක් තිබුණා. නෑදෑ හිතවතුන්ට අයිතියක් තිබෙනවා, තම ඥාතීන්ට මොකකද වුණේ කියල දැනගන්න. පසු පස හඹායන්න නොවේ. මේ ප්‍රශ්නයේ අවසානයක් දකින්න අවශ්‍යයි.අතුරුදහන් තැනැත්තන් ගැන සොයා බැලිය යුතුයි.”

තුවාලය සුවපත් කරන්නේ කොහොමද? එකම ජාතියක් බවට පත්වන්නේ කෙසේද?සත්‍ය කොමිෂමක් ඇති කරන්න ඕන.අපිටත් සත්‍ය කොමිෂමක් ඇතිකළ යුතුයි කියලා තීරණයක් ගන්නව නම් සභාවට ඉදිරිපත් කරන්නම්.අපට වුවමනා වී තිබෙන්නේ විසඳුමක් කරා ගමන් කරන්නයි යැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *