එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නියෝජිත ධුරය ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ තරුණයන් පිළිබඳ නව නියෝජිත ලෙස ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනෙවිය පත්කර තිබේ.

මින් පෙර එම පදවිය හෙබවූයේ ජෝර්දානයේ අහමඩ් අල්හෙන්දාවි විසිනි. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් විසින් අදාළ පත්වීම් ඊයේ(20) සිදුකර ඇත.

තිරසර සංවර්ධනය සඳහා 2030 න්‍යාය පත්‍රයේ සාර්ථකත්වය රඳා පවතින්නේ තාරුණය බලගැන්වීම මතය.

ජාත්‍යන්තර මට්ටමින් ගෝලීය තරුණ ව්‍යාපාර නියෝජනය කර ඇති ජයත්මා වික්‍රමනායක මෙනෙවිය තරුණ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රකට කාර්යභාරයක් ඉටුකළ චරිතයකි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසූවේ, වයස අවුරුදු 21දී ගෝලීය තරුණ සංවර්ධන වැඩසටහන් නියෝජනය කළ ජයත්මා වික්‍රමනායක ලෝක තරුණ නිපුණතා දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු එක්සත් ජාතින්ගේ ඉහළ පෙළේ වැඩ සටහන් රැසක් සඳහා දායක වූ බව ය.

ඇය තරුණ සංවර්ධනය උදෙසා ජාතික මට්ටමෙන් ද ප්‍රමුඛ කාර්යයක් ඉටු කර ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා තිබේ.

1990 වසරේදී උපත ලැබු ජයත්මා වික්‍රමනායක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිණියක් වන අතර දැනට ඇය පශ්චාත් උපාධිය හදාරමින් සිටි.

ජයත්මා වික්‍රමනායක අධ්‍යාපනය ලබා ඇත්තේ අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *