(කොළඹ, ලංකාපුවත්) – කොස්ටරිකා ජනාධිපති ලුවී ගිල්මෝ සෝලිස් මාධ්‍යවේදීන් පිරිසක් සමඟ සිදු කරමින් සිටි සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී කුඩා කෘමියෙකු ගිල දැමීමේ පුවත් වාර්තා වේ.
පසුගියා බ්‍රහස්පතින්දා මෙම සිද්ධිය සිදුව ඇත.
අදාළ සම්මුඛ සාකච්ඡාව සිදු වන අවස්ථාවේ ඔහුගේ මුඛය තුළට මෙලෙස කුඩා කෘමියෙකු ඇතුළු විය. මෙම කුඩා කෘමියා, බඹරෙකු බව වාර්තාවේ.
එහිදී කොස්ටරිකා ජනපතිවරයා පැවසුවේ මෙවැන්නකි.
“- මම දෙබරව කෑවා. හොඳ ප්‍රෝටීන්.
– මේ වගේ දේවල් හැමදාම දකින්න ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මේ අවස්ථාව CNN එකට යවන්න ඕනේ.”
මේ සම්බන්ධයෙන් කොස්ටරිකා ප්රවෘත්ති ආයතනය ප්‍රසිද්ධ කර ඇති වීඩියෝව දැනට 230,000කට වැඩි පිරිසක් කෙටි කාලයකදී නරඹා ඇත.