බස් ගාස්තු වැඩිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 01වනදා සිට ලංගම සහ පෞද්ගලික සියලුම මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු සියයට 6.28කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ප්‍රවාහන, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මේ යටතේ අවම බස් ගාස්තුව ද වූ රුපියල් නවය රුපියල් දහය දක්වා වැඩිවන වනු ඇත.

මීට අමතරව ලබන වසරේ බස් ගාස්තු සංශෝධනයට පෙර බස් ගාස්තු පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *