ක්‍රීඩාවේ ශරීර යෝග්‍යතාවය වෙනුවෙන් වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ළමා කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පවත්වාගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21) පැවති කැබිනට් තිරීණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසන ලද්දේ ලෝකයේ අනෙකුත් රටවල්වල ක්‍රීඩකයන් ළමා කාලයේ සිටම ශරීර යෝග්‍යතා පවත්වාගෙන යාම සිදු කරන බවය.

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශක්තිමත් පුහුණුකරුවන් පිරිසක් බිහි කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *