කොටුවේ සයිටම් විරෝධයකට අධිකරණයෙන් වාරණයක්

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලය විසින් මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම පෙළපාලිය, උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යානූකූල අයුරින් පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත.

මෙම පෙළපාලිය, උද්ඝෝෂණය මහජනතාවට හා රථවාහනවලට බාධාවක්, අනතුරක් ඇතිවන ආකාරයට පවත්වාගෙන යාම, ගමන් කිරීම සිදු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට නියෝග කර ඇතැයි පොලිසිය පවසයි.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් සහ සාමය කඩවන සුළු ආකාරයට ඇතුල් වීමෙන් වැළකිය යුතු බවට ද නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *