UPDATE: ඥානසාර හිමියන්ට අධිකරණය ඇප දෙයි

(කොළඹ, ලංකාපුවත්) – වරෙන්තු ලබා සිටියදී අධිකරණයට බාරවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පෙර ඇප මත නිදහස් කර තිබේ.

ඒ අනුව පසුගිය 15 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට ඥානසාර හිමියන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් තීරණය කර ඇත.

එදින ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටියේ උන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් පැවති හෙයින් බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් අධිකරණයට කරුණු දක්වමින් පවසා සිටි බව වාර්තා වේ.

ඒ අනුව අදාළ නඩුව අගෝස්තු 09 වන දින කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරිය, එදිනට ඥානසාර හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද (21) විභාගයට ගැනීමට නියමිත බව සඳහන්ය.

 

 

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයට බාර වේ

(කොළඹ, ලංකාපුවත්) – බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට බාරවී තිබේ.

අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස බාරවී ඇත.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද විභාගයට ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *