UPDATE: ඥාණසාර හිමිට ඇප

(කොළඹ, ලංකාපුවත්) – අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබේ.

කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා ඇප නියම කෙරුණේ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතය.

අද (21) දහවල් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාසයට ගිය අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අත්අඩංගුවට පත් විය.

 

ඥාණසාර හිමි අත්අඩංගුවට ගනී

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ කොට්ඨාසයට ගිය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇත.

ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබේ.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *