උතුරු පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන ඇමති ධුර ප්‍රධාන අමාත්‍යවරයා යටතට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා, පළාත් කෘෂිකර්ම හා අධ්‍යාපන අමාත්‍යධූර තමන් යටතට ගෙන තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් අධ්‍යාපන, සංස්කෘතික කටයුතු හා යෞවන කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය වශයෙන්ද උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ජලසම්පාදන, ආහාර සැපයීම් හා බෙදා හැරීම්, පරිසර හා සමූපකාර සංවර්ධන වැඩබලන අමාත්‍ය වශයෙන්ද ඊයේ(21) දිවුරුම් දී ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ එම දිවුරුම් දීම සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *