බ්‍රසල්ස්‌ අගනුවර දුම්රිය ස්ථානයක පිපිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – බෙල්ජියමේ බ්‍රසල්ස්‌ අගනුවර බ්‍රසල්ස්‌ මධ්‍යම දුම්රිය ස්‌ථානයේ පිපිරීමක්‌ හේතුවෙන් සියලුම මගීන් දුම්රිය ස්‌ථානයෙන් ඉවත්කර තිබේ.

බෝම්බයක්‌ බැඳගෙන, උරස්‌ මල්ලක්‌ රැගෙන සිටි පුද්ගලයෙකු විසින් දුම්රිය ස්‌ථානයේ කුඩා පිපිරීමක්‌ සිදු කළ බව බෙල්ජියමේ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පවසා ඇත.

දුම්රිය ස්‌ථානයේ සිටි හමුදාව ඔහු පිළිබඳව සැක පහළ කළ අවස්‌ථාවේ ඔහු කුඩා බෝම්බය පුපුරුවා හැරි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

දුම්රිය ස්‌ථානය තුළදීම හමුදාව ඔහුට වෙඩි තබා ඇති අතර එහිදී වෙනත් කිසිවෙකුට තුවාල සිදු වී නැති බව වාර්තා වේ. මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව පොලිසිය සදහන් කළේය.

2016 මාර්තු මාසයේදී අයිඑස්‌ ඉස්‌ලාමීය රාජ්‍යය සංවිධානය විසින් බ්‍රසල්ස්‌ නුවරට එල්ල කරන ලද ප්‍රහාරවලින් 32 දෙනකු මරුමුවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *