පොලිස් ප්‍රකාශක වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඊට අදාළව ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රියන්ත ජයකොඩි මහතා සදහන් කරනු ලැබේ.

ඒ අනුව නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩකටයුතු සඳහා පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *