සයිටම් නිසා වෛද්‍යවරු ගුටිඇණ ගනියි

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍යවරු හා වෙනත් වෘත්තිකයන්ගේ රැස්වීමක් ඊයේ (22) ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති අවස්ථාවේදී සයිටම් ආයතනය පිළිබඳ ඇතිවූ මත භේදයක් නිසා වෛද්‍යවරු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් වෛද්‍යවරයකු තුවාළ ලබා ඇත.

අනතුරුව අදාළ වෛද්‍යවරයා ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

මේ රැස්වීමේදී සයිටම් ආයතනයට පක්ෂව සමාජ මාධ්‍ය වෙත තොරතුරු ලබා දෙන වෛද්‍යවරු ද සිට ඇත. ඒ අය හා වෛද්‍යවරු අතර ඇතිවූ බහින් බස්වීමකදී එක් වෛද්‍යවරයකු සිදු කළ පහරදීමෙන් තවත් වෛද්‍යවරයකු තුවාළ ලබා ජාතික රෝහලේ හැත්තෑ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තවේ.

මේ රැස්වීමට විපක්ෂයේ දේශපාලනඥයන් කිහිප දෙනකු ද පැමිණ සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *