අනවසරයෙන් කසළ බැහැර කළ 454ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – බස්නාහිර පළාත් තුළ අනවසරයෙන් කසළ බැහැර කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කළ මෙහෙයුමකින් පසු පුද්ගලයින් 454දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 21වනදා සිට 23වනදා දක්වා කාලය තුළ දී පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ මෙම වැටලීම් සිදු කර ඇත.

ඒ අනුව උතුරු කොළඹ ප්‍රදේශයෙන් 57දෙනෙක් ද, මධ්‍යම කොළඹින් 68දෙනෙක් ද, දකුණු කොළඹින් 33දෙනෙක් ද, නුගේගොඩ ප්‍රදේශයෙන් 53දෙනෙක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි. එසේම ගල්කිස්ස ප්‍රදේහයෙන් 09දෙනෙක් ද, ගම්පහින් 95දෙනෙක් ද, කැළණියෙන් 56දෙනෙක් ද, මීගමුවෙන් 30දෙනෙක් සහ පානදුරෙන් 53දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීම්වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව අදාළ පොලිස් ස්ථාන මගින් නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කර සිටි. එසේම ඉදිරියේ දීද මෙවැනි වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *