ඩයනා කුමරියව ඝාතනය කළ බව බුද්ධි අංශ හිටපු නිලධාරියෙක්ගෙන් පාපොච්චාරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජනතාවගේ කුමරිය ලෙස විරුදාවලිය ලත් ඩයනා කුමරියගේ මරණය සැලසුම් සහගතව සිදු කළ ඝාතනයක්‌ බවට ද වරින් වර සැක මතුවිය. අද වන විට එක්‌ පුද්ගලයකු ඒ සැකය තහවුරු කර ඇති පුවතක් වාර්තා වේ.

ඒ ඔහුගේ මරණ මංචකයේ සිට කරන අවසන් පාපොච්චාරණයෙනි.

ඔහුගේ නම ජෝන් හොප්කින්ස්‌ය. ජෝන් හොප්කින්ස්‌ M15 හෙවත් එක්‌සත් රාජධානියේ ආරක්‌ෂක හා බුද්ධිඅංශ අනු ආයතනයේ තිස්‌අට වසරක්‌ සේවය කර විශ්‍රාම ලැබූ නිලධාරියෙකි. මේ වන විට අසූ වැනි වියේ පසුවන ඔහුට ජීවත්වීමට ඉතිරිව ඇත්තේ තව සති කිහිපයකි. ලන්ඩන්හි රෝහලක ගිලන් ඇඳක වැතිරී තම ජීවිතයෙහි අවසන් දවස්‌ කිහිපය ගෙවන ඔහු පසුගිය බදාදා ‘ඩයනා කුමරියව මැරූ අයුරු’ පාපොච්චාරණය කළේය. 1973 සිට 1999 දක්‌වා තමන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශය වෙනුවෙන් සේවය කළ කාලය තුළ බ්‍රිතාන්‍ය රජයේ නියමයෙන් බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ රාජකාරි ලෙසින් මිනිස්‌ ඝාතන විසි තුනක්‌ සිදු කළ බවද ඩයනා කුමරියව ඝාතනය කිරීම ද එලෙසින් පැවරුණු එක්‌ රාජකාරියක්‌ බව ද ඔහු පැවසුවේය. මෙසේ ඝාතනයට ලක්‌වූ සියලුම දෙනා බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වූ පුද්ගලයන් ලෙසින් සැලකුණු නිසා ඔවුන්ව ඝාතනය කරන්නට තීරණය වුණු බව ද මෙකී පුද්ගලයන් ඝාතනය කිරීම සූක්‌ෂමව සැලසුම් කිරීම තමන්ට පැවරී තිබුණ බව ද ඔහු පැවසීය.

“මේ සියල්ල සිදුවුණේ ඉතා රහසිගතවයි. බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් දේශපාලන ඝාතන කරන්නට පත් කර තිබු විශ්වාසවන්ත නිලධාරීන් හත්දෙනකුගෙන් යුතු රහසිගත කණ්‌ඩායමේ මමත් එක්‌ සාමාජිකයෙක්‌. මෙසේ ඝාතනය කෙරුණු අය අතරින් බහුතරයක්‌ දේශපාලනඥයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තීය සමිති නායකයන්..” හොප්කින්ස්‌ විස්‌තර කළේය.

“මගේ සැලසුම් වලින් ඝාතනය කරපු අය අතරින් සුවිශේෂීම කෙනා තමයි ඩයනා කුමරිය.. මම කරපු ඝාතන අතරින් එකම කාන්තාව ඇයයි. එකම රාජකීයයාත් ඇයයි. රජ පවුල විසින්ම ‘ඉවත් කර දැමිය යුතුයි’ කියලා තීරණය කරපු රාජකීයයාත් ඇයයි. මම ඒ ඝාතනය සැලසුම් කළේ හරිම වරදකාරී හැඟීමෙන්. දෙගිඩියාවෙන්. ඩයනා කුමරිය කරුණාවන්ත හදවතක්‌ ඇති සුන්දර කාන්තාවක්‌. එතරම් අඩු වයසකින් ඇගේ ජීවිතය පැහැරගැනීම අපරාධයක්‌. ඒත් ඇයගෙන් බ්‍රිතාන්‍ය රජ පවුලටත් කිරීටයටත් තර්ජනයක්‌ එල්ල වෙලා තිබුණා.. ඒ නිසයි ඒ ඝාතනය කරන්න සිද්ද වුණේ..”

හොප්කින්ස්‌ පාපොච්චාරණය කරන්නේ එසේය.

“ඩයනා කුමරිය ඕනෑවටත් වැඩියෙන් රජ පවුලේ රහස්‌ දැනගෙන හිටියා. ඒ වගේම ඇය රජ පවුලත් සමඟ තිබූ අමනාපය නිසා ඒ රහස්‌ මාධ්‍යයට එළිකරන්නටත් මාන බලමින් හිටියා. “ඇයව මරා දමන්න ඕනෑ” කියලා මගේ ප්‍රධානියා මට කිව්වා. මගේ ප්‍රධානියාට අණ ලැබිලා තිබුණේ පිලිප් කුමරුන්ගෙන්. ඒක සාමාන්‍ය රිය අනතුරක්‌ ලෙස පෙනෙන ආකාරයට සිදු කරන්නට අපිට අණ ලැබිලා තිබුණා. මම ඊට කලින් රජ කුමරියක්‌ තියා සාමාන්‍ය ගැහැනියක්‌වත් ඝාතනය කරලා නෑ.. කිසිම කාන්තාවක්‌ ඝාතනය කරලා තිබුණේ නෑ.. එහෙත් මට ලැබුණු අණට කීකරු වෙන්නට මා බැඳී සිටියා. මට පැවරුණු රාජකාරිය මා ඉටු කළ යුතුමයි. මම එය කළේ මගේ රට සහ රැජන වෙනුවෙන්..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *