පෙරහැරේ යන අලි ඇතුන් කුලප්පු කිරීමේ කුමන්ත්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඇත්ගොව්වන්ට මුදල් ලබාදී පෙරහර මංගල්‍යයන් තුළදී අලි ඇතුන් කුලප්පු කිරීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍යය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

මෙරට පෙරහර සංස්කෘතිය විනාශ කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ දියත් වෙමින් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බවද උන්වහන්සේ කීහ.

විදේශ කටයුතු අමාත්‍යය රවී කරුණානායක මහතා අද (26) අස්ගිරි මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථා‍වේ ලේඛකාධිකාරී හිමියෝ මේබව පැවසූහ.

දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංඛේතය ලෙසින් සලකා අතීතයේ පටන් රජ දරුවන් පුද පූජා කරමින් ආරක්ෂා කළ බවත් උන්වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව පවත්වාන්නාවූ පෙරහර මංගල්‍යය ඉංග්‍රීසි ආණ්ඩුව සමයේ පවා අඛන්ඩව සිදුකළ බවත් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා කීය.

පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා රජය සෑම විටම අවශ්‍යය අනුග්‍රහය ලබා දෙන බවත් රජය පෙරහර මංගල්‍යය කඩාකප්පල් කිරීම සඳහා අලි ඇතුන් ලබා නොදෙන බවට යන ප්‍රචාරය අසත්‍යය බවත් ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *