මහේල ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ?

(කොළඹ, ලංකාපුවත්) – පුරප්පාඩු වී ඇති ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයට ශ‍්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන අයදුම් කරනු ඇති බවට ඉන්දීය මාධ්‍ය අනාවරණ කර තිබේ.

ඊට ආසන්නතම හේතුව වී ඇත්තේ මහේලගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයි පී එල් ශූරතාව දිනා ගැනීමය.

මහේල අයි පී එල් තරගාවලියක් සඳහා පුහුණුකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාව එය ලෙසට සැලකේ. මීට පෙර ඔහු එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස ද කටයුතු කළේය.

කෙසේ වෙතත් මහේලට අමතරව විරේන්ද්‍ර ශෙවාග් සහ ටොම් මූඩි යන හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද ඉන්දීය ප‍්‍රධාන පුහුණුකරු ධුරයට අයදුම් කරනු ඇති බවට වාර්තා වේ.

ඉන්දීය නායක විරාට් කෝලි සමග ඇති කර ගත් මත භේදයක් හේතුවෙන් හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ සිය ධුරයෙන් පසුගියදා ඉවත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *