Dell EMC ශ්‍රී ලාංකේය ව්‍යවසායක ක්ෂේත්‍රය නව්‍යකරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවසායක ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරාගැනීමට නව්‍ය වූ භූමිකාවක් අරුත්ගන්වමින් Dell EMC සුවිශේෂ හදුන්වාදීමක් සිදු කර ඇත.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ දී පසුගියදා පැවැති අතර ඒ සදහා Dell EMC හි නැගී එන වෙළෙඳපොල ආසියානු කලාපීය උපසභාපති චී චෙයි මහතා, Dell EMC හි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කළමනාකරු රොෂාන් නුගවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

යම් කිසි සමාගමකට තම තොරතුරු තාක්‍ෂණ විපරීවර්තනයන් සිදුකිරීමේ දී ඩිජිටල් විපරීවර්තනයන් එහි ක්‍රියාකාරීත්වයේ ප්‍රමුඛතාවයක් හිමිවේ. බලයලත් the ESG 2017, IT Transformation Maturity Curve Study පෙන්වා දෙන ආකාරයට සියයට 95ක් වන සමීක්‍ෂණ මගින් දන්වා සිටින්නේ නව ව්‍යාපාර ඩිජිටල් ව්‍යාපාර බවට පත්කිරීමේ ක්‍රියාවලිය පෙරදැරි කර ගනිමින් තොරතුරු තාක්‍ෂණ යටිතල ව්‍යූහය සහ බෙදාහැරීම් ක්‍රියවාලිය තුළ යම් අවධානමක් පවතින බවය.

ඩිජිටල් ලෝකය තුළ තරඟකාරීව රැදීසිටීමට නම් තොරතුරු තාක්‍ෂණ සේවා මුළුමණින්ම අත්පත් කර ගැනීම මේවන විට ගෝලීය අවශ්‍යතාවක් බවට පත්ව ඇත. මෙවැනි විවිධ වූ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සදහා පුළුල් හා මනා ගොනුවක් පැවතීම මෙම ව්‍යාපාරවල පුළුල් අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සදහා ලබා දෙයි.

14th Genereaton PowerEdge නිර්මාණය කර ඇත්තේ ගණුදෙනුකරුවන් සදහා කාර්යසාධනයෙන් හා Scala හි නව ම්ටටම් පෙන්වා දීම වෙනුවෙනි.

මෙහිදී චී චෙයි මහතා අදහස් දක්වමින් කියා සිටියේ ‘සංවර්ධනය හා දියුණුව සදහා තොරතුරු තාක්‍ෂණය පදනම් කරගත් ගෝලීයකරණය වූ ලොවකයි අප ජීවත් වන්නේ. Dell EMC හි ඒකාකීතික බාධක බිඳ දමා සහ නිරන්තරව සිදුවන නව සොයාගැනීම හරහා අපගේ ගනුදෙනෙකරුවන්ට පහසුකම් ලබාදීම පිළිබඳව අප විශ්වාස කරමු. අප අදහස් කර ඇත්තේ නිෂ්පාදන සේවා හා විසදුම් ලබාදීම තුළින් දේශීය ව්‍යාපාරයන්හි තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් විපරීවර්තනයන් වේගවත් කිරීමට උපකාර කිරීමයි’ යනුවෙන් පැවසීය.

රොහාන් නුගවෙල මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ලොව විශාලතම පෞද්ගලිකව පාලනය වන තාක්‍ෂණික සමාගමක අනුබද්ධ ආයතනයක් වන Dell EMC ශ්‍රී ලංකා ගනුදෙනුකරුවන්ට සේවාවන් ලබාදීම සදහා මනාව ස්ථාන ගත කර ඇත්තේඅපගේ පුළුල් විසදුම් ‍ගොනු ඵලදායී ලෙස ස්ථානගත කරමින් ඒ ඒ ව්‍යාපාර කණ්ඩයන් හි තරඟකාරීත්වය සදහා ගණුදෙනුකරුවන්ට සහයෝගය ලබා දීමට බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *