බ්‍රිතාන්‍ය කන්සර්වෙටිව් පක්ෂය සුළුතර රජයක් සදහා සන්ධානගත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් බහුතර බලය දිනා ගැනීමට නොහැකි වූ අගමැති තෙරේසා මේ ගේ කන්සර්වෙටිව් පක්ෂය සුළුතර රජයක් සදහා සන්ධානගත වී තිබේ.

පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ කන්සවේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සදහා ආසන නවයක් අඩු වී තිබුණි.

එම මැතිවරණයෙන් ආසන දහයක් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය සමග සන්ධාන ගතවනවා ද යන්න පිළිබද ඔවුන් පසුගියදා සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පක්ෂ සන්ධාන ගත කිරීම සදහා එකග වී තිබේ.

ඉදිරි වසර දෙකක කාලය තුළ උතුරු අයර්ලන්තය වෙනුවෙන් ස්ටර්ලින් පවුම් බිලියනයක් වැය කිරීම එම එකඟතා ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *