රාමසාන්: ට්‍රම්ප් සම්ප්‍රදාය බිඳ දමයි

(කොළඹ, ලංකාපුවත්) – රාමසාන් උපවාස සමය අවසානවීම සමරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කිරීමේ ධවල මන්දිර සම්ප්‍රදාය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර කඩකර තිබේ.

මෙය වසර විස්සක් පමණ තිස්සේ ධවල මන්දිරය විසින් පවත්වාගෙන එනු ලැබූ සම්ප්‍රදායකි.

රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවය සැමරීම පිණිස වසරක් පාසා ධවල මන්දිරයේ පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය ආරම්භ වූයේ බිල් ක්ලින්ටන් ජනාධිපති ධුරය හොබවන කාලයේදී ය.

මෙවර ද එවැන්නක් සංවිධානය කිරීම සඳහා කෙරුණු යෝජනාව එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයා විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇති බව වාර්තා වේ.

ඒ සඳහා එක්සත් ජනපදයේ ආගමික කටයුතු පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව කළ නිර්දේශය, රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ප්‍රතික්‍ෂේප කර ඇති බව පසුගිය මැයි මාසයේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ප්‍රථම වරට ඉෆ්තාර් උත්සවය වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයෙකු රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇත්තේ වසර 1805 දීය. ඒ ටියුනීසියාවෙන් පැමිණි නියෝජිත පිරිසක් වෙනුවෙනි.

1996 දී එය නැවත වතාවක් ධවල මන්දිරයට හඳුන්වා දීම සිදුවී ඇත්තේ එවකට ජනාධිපති ආර්යාව වූ හිලරි ක්ලින්ටන්ගේ අදහසකට අනුව ය.

එය 1999 පටන් වසරක් පාසා ධවල මන්දිරයේ පැවත්වී ඇති අතර ඊට ඇමරිකාවේ සිටින ප්‍රධාන පෙළේ මුස්ලිම් ප්‍රජා නායකයන්, තානාපතිවරුන් සහ මුස්ලිම් මැති ඇමතිවරු සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *