ෆේස්බුක්වලින් මුදල් වංචාකළ 25ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මුහුණු පොත හෙවත් ෆේස්බුක් මගින් හඳුනා ගන්නා පුද්ගලයින් රවටා විවිධාකාරයෙන් මූල්‍ය වංචා සිදුකළ නයිජීරියානු හා උගන්ඩා ජාතිකයින් 25 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඔවුන් සංචාරක හා අධ්‍යාපන කටයුතු සඳහා මෙරටට පැමිණි පුද්ගලයින් බවට අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධ ලැබුණු පැමිණිලි 15කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

විදේශීය ජාතිකයින් ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේ හඳුනා ගන්නා ෆේස්බුක් සාමාජිකයන්ට මෙලෙස මූල්‍ය වංචා සිදුකර ඇති බව පොලිස් වාර්තා පෙන්වා දී ඇත.

විදේශිකයන් මාලඹේ, දෙහිවල, ගල්කිස්ස, මීගමුව හා ගාල්ල ප්‍රදේශයන්හි තාවකාලිකව නවාතැන් ගෙන මේ අපරාධ සිදුකර තිබේ. විමර්ශනවලට අනූව ඔවුන් ගිණුම්වල තැන්පත් කරවාගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 500කට අධිකය. අනතුරුව ඔවුන් එම මුදල් විදේශයන්ට රැගෙන ගොස් ඇතැයි අනාවරණය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *