යුරෝපා සංගමයෙන් ගූගල් සමාගමට දඩයක්

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය ගූගල් සමාගමට අමෙරිකා ඩොලර් බිලියන 2.4ක දඩයක් නියම කර තිබේ.

යුරෝපා සංගමයේ අන්තර්ජාල සේවා ඔස්සේ සිදු කරන මිලදී ගැනීම් පිළිබද නීති කඩ කිරීම යන චෝදනා මත මෙලෙස දඩ නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

අසාධාරණ තරගය වැළැක්වීම සඳහා තිබෙන රෙගුලාසි උල්ලංඝණය කිරීම නිසා “ඇල්ෆබට්(ගූගල්)” ගූගල් ඒකකයට මෙසේ දඩ නියම කර තිබෙන අතර දැනට විභාග වෙමින් තිබෙන සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ද සමාගමට එරෙහිව දැඩි පියවර ගැනීමට නියමිත යැයි වාර්තා වේ.

‍ෙගූගල් සමාගම සෙවුම් කටයුතුවලදී තම සේවාවලට ප්‍රමුඛත්වය දී තිබෙන බව අනාවරණය වී ඇතැයි ද දඩය නියම කරමින් යුරෝපා කොමිසම සඳහන් කරප ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *