UPDATE විද්‍යා ඝාතනයේ සැකකරුවෙක් වීඩියෝපට ඡාවාරමක

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, විද්‍යා සිසුවියගේ ඝාතනයේ සැකකරුවෙකු වන ස්විස් කුමාර් නැමැත්තා දකුණු ආසියාවේ තරුණියන් අපයෝජනය කර, වීඩියෝ පට ජාත්‍යන්තරයට විකුණන ජාවාරමක නිරත බව සනාථ වී ඇතැයි වැඩබලන නීතීපතිවරයා යාපනය මහාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

විද්‍යා ඝාතන නඩුව අද අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ශිවලෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනය සම්බන්ධ නඩු විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ අද (28) යාපනය මහාධිකරණයේ දී ආරම්භ කෙරේ.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අන්තලිංගම් ප්‍රේමශංකර් සහ මහාධිකරණ විනිසුරු මානික්‍යවාසගර් එලන් චෙලියන් මහත්වරුන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලට අයත් වෙති. අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා විසින් මැයි 22වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පත් ක‍ළේය.

මේ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙසට නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.

වැඩබලන නීතිපති ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පී. කුමාරරත්නම් සහ රජයේ අධිනීතිඥ එන්. නියාස් මහත්වරු සහ රජයේ අධිනීතිඥ ජයලක්ෂි සිල්වා සහ රජයේ අධිනීතිඥ මාදිනී විග්නේෂ්වරන් මහත්මීහු පැමිණිල්ල මෙහෙයවනු ලැබයි. විද්‍යා දැරිය යාපනයේ පුන්කුඩුතිව් හි දී පැහැරගෙන ගොස් සමූහ දූෂණය සිදු කර ඝාතනය කරනු ලැබුවේ 2015 මැයි 12වනදාය.

විද්‍යා සිසුවිය පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ස්ත්‍රී දූෂණයට කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශිය ඇතුළු ‍චෝදනා හතළිස් එකක් විත්තිකරුවන් නමදෙනාට එරෙහිව ගොනු කර තිබේ.

විත්තිකරුවන් නමදෙනාට ප්‍රබාලසිංහම් ඉන්ද්‍රකුමාර් හෙවත් සින්නරාජා, ප්‍රබාලසිංහම් විජයකුමාර් හෙවත් රවී, ප්‍රබාලසිංහම් නවකුමාර් හෙවත් සෙන්දිල්, මහලිංගම් ශෂිදරන් හෙවත් ශෂී, පිල්ලෙනාදන් චන්ද්‍රකාශන් හෙවත් චන්ද්‍රා, ශිවදේවන් කුෂාන්තන් හෙවත් පෙරියතම්බි, පලගිරු බාලසිංහම් කුගනාදන් හෙවත් ශිෂන්තන්, ජයදරන් කෝකිලන් හෙවත් කරුණා මහාලිංගම් සෂිකුමාර් හෙවත් සුමිත් කුමාර් අයත් වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *