(කොළඹ, ලංකාපුවත්) – කටාර් රාජ්‍යයට එරෙහිව නව සම්බාධක පෙලක් ඉදිරිපත් වනු ඇති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සදහන් කර ඇත.
එම නව සම්බාධක අතර ආර්ථික සම්බාධක ද පවතින බව රුසියාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. නව සම්බාධක අතර වෙළඳාමට අයත් ගිවිසුම් කිහිපයක්ම තිබිය හැකි බව ඔහු පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් සෞදි අරාබිය ප්රමුඛ කටාර් රාජ්‍යයට සම්බාධක පැනවූ කිසිදු රටක් කටාර් රාජ්‍ය ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට කිසිදු සාධකයක් ඉදිරිපත්කර නොමැත.
මීට පෙර සෞදි අරාබිය ප්රමුඛ රටවල් ඉදිරිපත්කළ කොන්දේසි ප්‍රතික්ෂේප කිරීමට කටාර් රාජ්‍ය කටයුතු කළේය. නවතම කොන්දේසිවලට කටාර් රාජ්‍යය එකඟ නොවූවහොත් ඔවුන් සමග සියලු සබදතා නතර කරන බව එක්සත් අරාබි එබීර් රාජ්‍ය සදහන් කර ඇත.