කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවෙන් ජනපතිට යෝජනාවලියක්

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ මතුවෙමින් පවතින ජාතික හා ආගමික මතවාදයන් හමුවේ අනුගමනය කළයුතුයැයි කෙරෙන යෝජනා ඇතුළත් න්‍යායාත්මක යෝජනාවලියක් කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාව විසින් ජනාධිපතිතුමාට භාරදී ඇත.

දේශපාලන මතිමතාන්තරවලින් හා ජාතික හා ආගමික අන්තවාදයෙන් තොර සියලූ ආගමිකයින් හා ජාතීන් නියෝජනය වන සියලුදෙනාට අවිවාදයෙන් පිළිගත හැකි ශී‍්‍ර ලංකාවේ අනන්‍යතාවය සහිත විද්වත් ස්වාධීන කොමිසමක් පිහිටුවීම, මෙම තත්ත්වයට බලපා තිබෙන අභ්‍යන්තරික හා බාහිර හේතු සාධක විමර්ශනාත්මකව සොයා බැලීම, ගැටලූ නිරාකරණය කිරීමෙන් රටට ලැබෙන ප‍්‍රතිලාභ හඳුනාගැනීම මෙන්ම එහිදී අනුගමනය කළයුතු ක‍්‍රමවේද ඇතුළු රජයේ අවධානය යොමුවිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ දීර්ඝ පැහැදිළි කිරීමක් මෙම යෝජනාවලියට ඇතුළත්ය.

කෝට්ටේ ශී‍්‍ර කල්‍යානි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින්වහන්සේ, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින් වහන්සේ සහ මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය විසින් පසුගිය 27වනදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත මෙම යෝජනාවලිය භාරදෙනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *